
එහෙනම් අපි දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. “ගාෆීල්ඩ්” නම ඇහුවාම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. මම හිතන්නේ තාමත් සිරසේ කාටූන් එක යනවා. සඳුදා දවස් පේන්න බැරි, ලසඤ්ඤාවලට පෙරේත, මේ කහපාට බඩජාරි පූසව දන්නේ නෑ කියන්නේ පුදුමයක් ඉතින්. ගාෆීල්ඩ් කියන චරිතය Jim Davis කියන පුද්ගලයා මුලින්ම නිර්මාණය කරන්නේ පත්තරවල යන චිත්‍රකතා තීරු එහෙමත් නැත්නම් comic strip එකක් විදියටයි. ඒ, 1976 තරම් ඈත කාලෙකදී. ඒවගේම ලෝකයේ වැඩියෙන්ම පළවෙනු කොමික් ස්ට්‍රිප් එක විදියට ගිනෙස් ලෝක වාර්තා පොතට ඇතුළත් වෙන්න පවා ගාෆීල්ඩ්ට හැකි වුණා. ඉතින් අද වෙනකොට මේ iconic character එක පාදක කරගෙන ලයිව්-ඇක්ෂන් ෆිල්ම් දෙකක් සහ සීරිස් තුනක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අරගෙන ඇවිත් තියෙන්නේ ගාෆීල්ඩ්ගේ අලුත්ම චිත්‍රපටිය. මේ වෙන්කොට IMDb දර්ශකයේ 5.7ක අගයක් ගන්න මේක සමත් වෙලා තියෙනවා. හඬකැවීම් ශිල්පීන් විදියට Chris Pratt (ගාෆීල්ඩ්), Samuel L. Jackson (වික්), Hannah Waddingham (ජින්ක්ස්), Ving Rhames (ඔටෝ), Nicholas Hoult (ජෝන්) ආදී ජනප්‍රිය නළු නිළියන් පිරිසක් යොදාගෙන තියෙනවා. ෆිල්ම් එකට මිනිස්සුන්ගේ අවධානය ඇදගන්න ලොකු ලොකු නළු නිළියන් යොදාගන්න එක ඉතින් හොලිවුඩ් එකේ තියෙන ට්‍රෙන්ඩ් එකක්. මේ ෆිල්ම් එකත් වෙනසක් නෑ. එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලන්නකෝ. උපසිරසිය ගැන අදහසකුත් යටින් කොටාගෙනම යන්න. අලුත් උපසිරසියකින් වෙන දවසක හමුවෙමු.