What's happening?

Video Sources 32 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ

Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ

Every Aashiq is a Villain.Sep. 05, 2025India156 Min.NR
Your rating: 0
9 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

භ දවසක් හැමෝටම.!

..

“Baaghi” කිව්වාම නොදන්න කෙනෙක් නෑනෙ.. ඔන්න මේක තමයි බාගි ෆිල්ම් සීරීස් එකේ 4 වෙනි දිගහැරුම, හැබැයි මේ එකක්වත් එකට එකක් සම්බන්ධ නැහැ..

Baaghi 1 නිකුත් වුනේ හරියටම 2016 අවුරුද්දේ, පැහැරගත්තු තමන්ගේ පෙම්වතියව රොනී කියන තරුණයා බේරගන්න කරන සටන තමයි මේක පුරාවටම තිබ්බෙ..


Baaghi 2 කියන 2018 නිකුත් වුන මේ ෆිලුමෙ, එක්තරා පුද්ගලයෙක් විසින් පැහැරගත්තු තමන්ගෙ දුවව හොයාගන්න කරන සටන තමයි තිබ්බෙ..


Baaghi 3 කියන 2020 නිකුත් වෙච්ච ෆිලුමෙ තමන්ගෙ සහෝදරයා පැහැරගත්තාම ඔහුව බේරගන්න කරන සටන තමයි තිබ්බේ..

විශේෂයෙන්ම මේ සේරම දමිළ සහ තෙලුගු ෆිල්ම් වල රීමේක් විදිහට තමයි පොඩ්ඩක් වෙනස් කරල ඇක්ෂන් ගතිය වැඩි කරල නිෂ්පාදනය වුනේ..ගොඩක් දෙනෙක්ට පළවෙනි ෆිල්ම් එක ඇරුනාම අනික් දෙක නම් සෙට් වුනේම නෑ.. ඒකටත් හේතු නැතුවාම නෙවෙයි data-path=”./img-apple-64/1f972.png”> ඔන්න ඉතින් ඊට හරියටම අවුරුදු 5කට පස්සෙ Baaghi 4 කියන නමින්, කන්නඩ අධ්‍යක්ෂකවරයෙක් යටතේ මේ ෆිලුම නිකුත් වුනා.. ඉතින් මේකත් 2013 නිකුත් වුන Ainthu Ainthu Ainthu කියන දමිළ චිත්‍රපටයේ රීමේක් එකක්..මුල් කතා පෙළත් එක්ක බලනකොට පැහැරගැනීම නම් එහෙම්මම තිබුනා.. බාගි = කිඩ්නැප් වෙලානෙ තියෙන්නෙත් data-path=”./img-apple-64/1f972.png”>

අධ්‍යක්ෂණය – A. Harsha
භාෂාව – හින්දි
ධාවන කාලය – මිනිත්තු 157
තිරගත වීම ඇරඹූ දවස – 2025 සැප්තැම්බර් 5

ටයිගර් ශ්‍රොප්

මේ ෆිලුම තනිකරම ටයිගර්ගෙ වන් මෑන් ශෝ එකක්.. මුළු කතාවම එයාගෙ වටා තමයි ධාවනය වුනේ.. ෆයිට් සහ සින්දු වලින් තමයි කතාව ගොඩක් ඉස්සරහට ගියෙ..2016 ඉදන් හැම අවුරුද්දකම ටයිගර්ගෙ ෆිල්ම් එක දෙක ගානෙ වගේ රිලිස් උනා.. බාගි 1 වගේ අනික් එකක්වත් ගොඩක් දෙනෙක්ට සෙට් වුනේ නෑ.. ඒකට හේතුව එයාගෙ හැම ෆිල්ම් එකක්ම එකම ටයිප් වෙච්ච එක,

කැලේ මාරු වුනාට කොටියගෙ (ටයිගර්) පුල්ලි මාරු වෙන්නෑ කියනවනෙ, ඉතින් ඒවගේ තිබ්බ ඇක්ෂන් මූමන්ට්ස් එහෙම මේකෙත් එහෙම්ම තිබ්බා.. මේකෙ වෙනසකට තිබ්බේ මන්නා කැති වලින් කැපිලි, කෙටිලි ටිකක් එකතුකරල තිබ්බා..ඒකට හේතුව මේකෙ කන්නඩ අධ්‍යක්ෂකතුමා තමයි ඉතින්.. හැබැයි කලින් ඒවත් එක්ක බලනකොට මේකෙ ටයිගර්ගෙ ඇක්ටින් නම් ගොඩක් හොඳ මට්ටමක තිබුනා..ෆයිට් 10කට වඩා තිබුනා, හැම විනාඩි 15කට සැරයක්ම.. පොරගෙ ඇක්ෂන් ස්ටයිල් එකට කැමති පිරිසක් ඉන්නවනෙ, එයාලට නම් මේක අනිවාරෙන්ම සෙට් වෙයි

සන්ජේ දත්

ලොක්කා නම් ඇත්තටම කරේ ආරාධිත රංගනයක්ද කියල හිතුනා, පැය දෙක හමාරක් තිබුන ෆිලුමේ එයා ආවෙ අන්තිම විනාඩි 50දි, ආපු වෙලේ ඉදන් ඉතින් ඇඟ පුරාම ලේ ගාගෙන තමයි හිටියේ.. ඇත්තටම විලන් විදිහට වැඩක් අරන් තිබ්බා නම් හොඳටම මදි.. එයාට ගොඩක් තිබ්බේ ඇක්ෂන් කොටස්ම තමයි.. ඒ නිසා දෙබස් 100කට වඩා තියෙන්න ඇතියි කියල මං හිතන්නෑ

ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Harnaaz Kaur Sandhu කියන 2021 Miss Universe තරඟයෙන් ජයග්‍රහණය කල නවක නිළිය, ෆීල්ඩ් එකට අලුත් වෙලත් ඇයගේ රංගනය සැලකිය යුතු මට්ටමක තිබුනා..ඊටපස්සෙ රොනීගේ අයියාගෙ චරිතයට පණ දුන්නු Shreyas Talpade. First Half එකේ විතරයි පේන්න හිටියේ, හිටපු කොටස් වලට උපරිම සාධාරණයක් කරල තිබුනා.. Sonam Bajwa ත් ඇයගේ චරිතයට සාදාරණයක් කරනව කියල බලන ඔයාලට දකින්න පුලුවන් වෙයි.. මොකද මේ කතාවෙ එයාගෙ පොසිටිව් ගතියක් තිබුනා

ඒවගේම ලොකු ගැඹුරු දඩාර ස්ටෝරියක් බලන්න හිතාගෙන නම් මේක බලන්න එපා.. මේකෙ තියෙන්නෙ බොහොම සරල කතාවක්, ඉතින් සරල කතාවක් එක්ක ඇක්ෂන් ගොඩක් බලන්න කැමැති,පටන් ගත්තු වෙලේ ඉදන් ෆයිට් තියෙන ෆිල්ම් බලන්න ආස අයට සහ ටයිගර්ගෙ මොන ෆිලුම උනත් බැන බැන හරි බලන අයට මේක සෙට් වෙයි

මියුසික් පැත්ත ගැන කතා කරොත් ඇත්තටම bgm එකක් විදියට use කරලා තිබුනේ Baaghi 1 ඉදන් use කරලා තිබ්බ “Get redy to fight” සින්දුව.. අහලා හුරු නිසාදෝ මන්දා ලොකු ගැම්මක් තිබ්බෙත් නෑ.. හැබැයි මේකෙ තිබ්බ අනික් සින්දු ටික නම් සේරම වගේ ලස්සනයි src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”> සින්දුත් සෑහෙන්න තිබුනා.. ඒවත් රසවිදින්න කියලා ආරාධනා කරනවා..

කතාව පැත්තට ගියොත්,

රොනී රිය අනතුරකට මුහුණ දීලා කෝමා එකක ඉන්නෙ, හරියටම මාස 7කට පස්සෙ එයා පියවි සිහියට එනව.. සිහිය ආපු වෙලාවෙ ඉදන් එයා කියන්නෙ එකම නමයි “අලීශා” ඔහුගේ මතකයේ හැටියටඅලීශා කියන්නෙ ඔහුගේ හිටපු ආදරවන්තිය, හැබැයි ඇය ඇත්තටම හිටියා කියන්න කිසිම සාක්ෂියක් නෑ.. ඔහුගේ ඩොක්ටර් පවා කියන්නෙ ඒක ඔහු හිතින් මවාගෙන ඉන්න දෙයක් කියල.. ඔහුගේ සහෝදරය පවා ඒක ඔහුගේ මතකයේ ප්‍රශ්නයක් කියනව.. ඒත් රොනී ඇය ගැන දිගින් දිගටම හොයනවා.. රොනී කියන විදිහට රිය අනතුර සිද්ද වෙන වෙලාවෙත් ඔහු එක්ක ඇය ඉදල තියෙනවා..

එක්තරා තැනකදි රොනී ගාව තියෙන එකම සාක්ෂිය, අලීශාගේ සොහොන පවා ඔහු හිතින් මවාගෙන ඉන්න දෙයක් විදිහට ඔහු වටේ ඉන්න පිරිස් කියන්න ගන්නවා.. එක මොහොතකදි ඔහුට ඔහුගේ පෙම්වතියත් එක්ක තිබ්බ එකම එක මතක සටහනක් ගැන සිහියට එනව.. ඔහු ඒක හොයාගෙන ඇය ජීවත් වුන තැනට යනවා.. එහෙදී එකතරා පිරිසක් ඔහුට…

ඇත්තටම රොනී මේ සේරම හිතින් මවාගෙනද.?
නැත්තම් එයා කියන සේරම ඇත්තද.?

ඔයාලට සෙට් වෙයි කියල හිතෙනව නම් අනිවා බලන්න.. ගිහින් එන්නම්.. හැමෝටම ජය.!

Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Original title बाघी ४
IMDb Rating 2.3 7,407 votes
TMDb Rating 5.2 8 votes

Director

A. Harsha
Director

Cast

Tiger Shroff isRanveer Pratap Singh
Ranveer Pratap Singh
Sonam Bajwa isPratishtha
Pratishtha
Shabbir Ahluwalia isManu Tandon (only in extended version)
Manu Tandon (only in extended version)
Raj Zutshi isCheeta (only in Extended Version)
Cheeta (only in Extended Version)
Mahesh Thakur isDoctor Anand
Doctor Anand
Pankaj Tripathi isVillain (only in Extended Version)
Villain (only in Extended Version)

Similar titles

Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ
Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday (2025) Sinhala Subtitles | “ අම්මයි දුවයි ” | සිංහල උපසිරැසි සමඟ
Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published