
කතාව පොඩ්ඩක් කිව්වොත්, කතාව පටන් ගන්නේ එක මනුස්සයෙක් එයාගේ මිනිබිරිය අතුරුදහන් වෙලා කියලා පොලිස්සියේ පැමිණිල්ලක් දාන්න එන තැනින්. මේ කෙනා මනෝ වෛද්‍ය වරයෙක්. නම තමයි Shyam Khatu. අතුරුදහන් වෙලා ඉන්න එයාගේ මිනිබිරියගේ නම නිධි. එයා ස්කූල් යන වයසේ ගෑණු ළමයෙක්. පොඩි කාලෙම එයාගේ අම්මයි තාත්තයි නැති වුනාට පස්සේ, සීයා තමයි එයාව බලාගත්තේ. කොහොමහරි පොලිස්සියෙන් කොස්තාපල් කෙනෙක් පත් කරනවා මේ නැති වෙච්ච ළමයා ගැන බලන්න. හැබැයි ඩොක්ටර් Shyam Khatu ගේ පැහැදීමක් නෑ. මොකද මේ කොස්තාපල්ට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ.
කොහොමහරි කොස්තාපල් පොරොන්දු වෙනවා මේ වැඩේට උදවු කරන්නම් කියලා. ටික වෙලාවකින් ඩොක්ටර්ට මතක් වෙනවා දුව අතේ බැදගෙන හිටියේ ස්මාට් වොච් එකක් කියලා. මේක ට්‍රැක් කරන්න පුළුවන්ද කියලා අහලා. මෙයාලා වොච් එක ට්‍රැක් කරනවා. මේ විදිහට ලොකේෂන් එක හොයාගන්නවා. හැබැයි ඒ ලොකේෂන් එකේ හැටියට ඒ පළාතේ ඉන්නේ එච්චර හොද මිනිස්සුනම් නෙමෙයි.
ඉතින් මේ විදිහට පටන් ගන්න මෙහෙයුම මොන විදිහට ඉවර වෙයිද?. ‘නිධි’ ට මොකද වුනේ ? කරදරයක් වෙන්න කලින් හොයාගන්න පුළුවන් වෙයිද ?. එක එක හෝඩුවාවල් දිගේ මේ කාරණේ ලිහාගන්න හදන විදිහ ඔයාලටම බලාගන්න ඉඩ තියලා, මම නවතින්නම්.
ආයෙත් අළුත් ෆිල්ම් එකකින් හම්බවෙමු. සුභ දවසක්.