What's happening?

Video Sources 33 Views Report Error

  • PLAYER 01 (MULTI)
  • PLAYER 023 (720P)
  • PLAYER 03 (480P)
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ

Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ

For a family, space is not a distance.Dec. 22, 2022RU110 Min.NR
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ඔන්න එහෙනම් සුභ දවසක් කියල පිළිගන්නවා හැමෝවම.අනං මංනං වැල්වටාරම් නැතුව අද මම කෙලින්ම අරගෙන ආපු චිත්‍රපටිය ගැන කියන්නම්.මොකද මේක ගොඩ දෙනෙක්ගෙ ඇස නොගැටුණ හොඳ චිත්‍රපටියක් වෙන්නත් පුලුවන්. කාලෙකට පස්සෙ අද මම අරගෙන ආවේ 2022 වර්ෂයේ දෙසැම්බර් 22 වෙනිදා සිට තිරගතවීම් ආරම්භ කරපු MIRA නමින් හඳුන්වපු රුසියානු චිත්‍රපටය.  Dimitry Kiselyov ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටයට Veronika Ustimov ,Anatoliy Beli ,Alexander Petrov, Yevgeny Yegorov , Darya Moroz , Maksim Lagashkin, Kirill Zaytsev, Andrey Smolyakov රංගනයෙන් දායක වෙනවා. ඒවගේ IMDb 5.8 කුත් ලබාගන්න මේ චිත්‍රපටය සමන්විත වෙනවා. Sci-fi disaster කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට ආදයම් අතින් නම් ලොකු සාර්ථකත්වයක් ලබාගන්න හැකිවුණේ නැහැ. ඩො.මි 5ක නිෂ්පාදන වියදමකින් හොයාගන්න පුලුවන් වුණේ ඩො.මි 5.4ක් වගේ ගාණක් විතරයි.හැබැයි මේ ෆිල්ම් එකේ විශේෂම දෙයක් තමා CGI, VFX භාවිතාවනම් සුපිරියටම කරල තියෙනවා.

හරි එහෙනම් කතාව පැත්තට යමු.ලේරා ඇරබොව් කියන්නේ ව්ලැඩිවොස්ටොක්වල ඉන්න පුංචි ගැහැණූ ළමයෙක්.අම්මයි තාත්තයි වෙන් වෙලා.තාත්තා ,අරාබොව් ඒ වෙනකොර රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පලක පියැසැරි ඉංජිනේරුවෙක්.ලේරා ඉන්නෙ ආම්මයි එයාගෙ අළුත් හස්බන්ඩ් එක්කයි.මේ වෙනකොට ලෝකයා අලුත් වල්ගාතරුවක් දැකබලාගන්න අපේක්ෂාවෙනුයි ඉන්නේ.නැගෙනහිර පැසිෆික් කලාපයේ රටවල්වලට ඒක පෘථුවියට ඉතාමත් ආසන්නයෙන් යන අවසථාව දැකබලගන්න අවස්ථාව උදා වෙනවා.මේ වෙනකොට ඒ වල්ගා තරුවත් එක්ක යන ග්‍රාහක කැබලි පොකුර විශ්ලේෂණය කරන්න අරාබොව් ඇතුලු කණ්ඩායමට පැවරෙනවා.හැබැයි වෙන්නෙ එයාලා හිතපු නැතිම දෙයක්.කලින් එයාලගේ ගණනය කිරීම්වලට අනුව ඒ ග්‍රාහක කැබලි වලින් ලෝකයට කිසිම බලපෑමක් නැහැ.ඒත් පහු වෙනකොට අඳුනගන්නවා ඒ පොකුර එයාලා හිතුවටත් වඩා විශාල පථයක ගමන් කරනවා ඒ වගේම නැගෙනහිර කලාපයේ හැම රටකටම උල්කාපත පතිතවීමෙ අවාදනම් ඇතිවෙනව වගේම ඒ දේ ඒ විදිහටම වෙනවා.ඒ අතරේ අරාබොව්ගේ දුව පවුල ඉන්න ව්ලැඩිවොස්ටොක් ඇතුළු ඒ රුසියානු කලාපයම උල්කාපාත ගැටීම නිසා විනාශ වෙනවා.ඉතුරු ටික නම් මම කියන්නෙ නැහැ ඔයාලම බලල ඉන්න හොඳේ… එතකොට කවුද මේ මීරා කියන්නෙ?.මීරා කියන්නෙ අරාබොව්ගේ අභ්‍යවකාශ නැවතුම්පළේ පාලන මෙහෙයුම් කරන කෘතීම බුද්ධියට.එයගේ මොකක්ද මේ සම්බන්ධය කියලා දැනගන්නත් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න කියලා මම අරධනා කරන ගමන් ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා ජය වේවා.

Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Original title Мира
IMDb Rating 5.8 3,211 votes
TMDb Rating 7.6 374 votes

Similar titles

Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
My Daughter is a Zombie (2025) Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Rambo (2025) Sinhala Subtitles | “ රැම්බෝ ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Dubbed |ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! | සිංහ‌ලෙන් හඩකැවූ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ
Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published